පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල සහ ජල මාර්ගවල ප්ලාස්ටික් ලූප් සවි කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් වැසි දිනවලදී ජල මාර්ග අවහිර වීම වැළැක්වීමට උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සමුපකාර පරිසර වැඩසටහන (SACEP) අරමුදල් සපයන “PLEASE ව්‍යාපෘතිය” යටතේ ක්‍රියාත්මක කරන අතර, එය ක්‍රියාවට නංවන්නේ මීගමුව ප්‍රතිචක්‍රීකරණ සමාජය (Negombo Recycle Club) විසිනි. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල සහ කොළොන්නාව යන ප්‍රදේශවල ප්‍රධාන ඇළ මාර්ග 14 ක සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ගවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව මීගමුව ප්‍රතිචක්‍රීකරණ සමාජයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. නාවල ලේක් ඩ්‍රයිව් සහ කිරුලපන ඇළ ඇතුළු ප්‍රධාන ඇළ මාර්ග 14 සහ ජල මාර්ගවල ස්ථාන 22 ක ‘ක්‍රෑෂ් බැරියර්’ සවි කරන බවද ඔහු සඳහන් කළේය. ජල මාර්ගවලින් එකතු කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම නියමු ව්‍යාපෘතිය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් අද දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු මාර්ගයේ ලේක් ඩ්‍රයිව් හිදී පැවැත්වේ.


























