කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) නිල ලාංඡනය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරමින් පවත්වාගෙන යනු ලබන ‘BoMate’ නැමති ජංගම දුරකථන යෙදුම (App) පිළිබඳව කොටස් වෙළඳපොළ බලධාරීන් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම යෙදුම කොළඹ කොටස් වෙළඳපොළ සමඟ කිසිදු අනුබද්ධතාවයක් නොමැති බවත්, ඒ සඳහා කිසිදු අනුමත කිරීමක් ලබා දී නොමැති බවත් ඔවුන් තහවුරු කරයි. අනවසර යෙදුම් හරහා ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසත්, ඕනෑම ආයෝජනයක් කිරීමට පෙර අදාළ වේදිකාවන්හි විශ්වසනීයත්වය සැමවිටම පරීක්ෂා කරන ලෙසත් ආයෝජකයින්ට උපදෙස් දෙනු ලැබේ.



























