කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

අවස්ථා දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ(07) සහ පෙරේදා(06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *