මාධ්‍යවේදීන්ගේ රක්ෂණයත්,ණය වැඩසටහනත් ජනමාධ්‍ය ඇමතිගේ අවධානයට…
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යංශ ශ්රමණාගාරයේ දී පැවැත්වුණා..
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් කෙටිකාලින හා දීර්ඝ කාලීන පුහුණු පාඨමාලා ඇති කිරීමට අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා..
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කරුණු එකොළහක් ඇතුළත් සංදේශයක් අමාත්‍යවරයා වෙත භාරදීමද මෙහිදී සිදුු කළා
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමස්ත ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මුහුණ පා ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළා.
ශ්‍රී ලංකාවේ සිටින සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍යවේදී රක්ෂණ ආවරණයත්,මාධ්‍යවේදීන් හට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ණය පහසුකම් පිළිබඳවත් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා..
දැනට අක්‍රිය වී ඇති එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ..
එම රක්ෂණ ක්‍රමය සහ ණය පහසුකම තුළින් මාධ්‍යවේදීන් ඉතා වටිනා ප්‍රතිපාදන ලබා ගත්බවත් ඒ ශ්‍රී ලංකාවේ සිටින සියලු ජනමාධ්‍යවේදීන්ට තම වෘත්තිය ජීවිතයට ඉතා වැදගත් වූ සාධකයක් බවට මෙහිදී පෙන්වා දුන්නා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානයට එම කරුණු යොමු වූ අතර එම කරුණු දෙක පදනම්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා..
ජනමාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතුව ඇති බවට ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා..
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රිය දර්ශන මහතා ඇතුළු විධායක සභිකයින් මෙම අවස්ථාවට එක්වුණා..