කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,217ක 6,016 දෙනෙක් ආරක්ෂිත මධ්‍යස්ථානවලට!

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින දැඩි ගංවතුර අවදානම මධ්‍යයේ, අද (29) උදෑසන 9.00 වන විට පවුල් 1,217 කට අයත් 6,016 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. ආපදා තත්ත්ව වාර්තාවට අනුව, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 25,159 කට අයත් පුද්ගලයන් 99,668 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත. ජල මට්ටම අඛණ්ඩව ඉහළ යෑම නිසා කැලණි ගඟේ දරුණු ගංවතුර අවදානම නොකඩවා වැඩි වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනටමත් ගඟ ප්‍රධාන ගංවතුර මට්ටමකට පැමිණ ඇති අතර, නාගලගම් වීදියේ මිනුම් කණුවේ අඩි 6.4ක් සටහන් වී ඇති බවයි. ජල මට්ටම අඩි 7 ඉක්මවූ පසු එය අතිශය තීරණාත්මක ගංවතුර අවධියක් ලෙස සලකන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *