කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

පසුගිය දින දෙක තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ කඩා වැටී ඇති බවට වාර්තා වනවා.

පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන බවට හඳුනාගත් ගස්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඉන් ගස් 100ක් පමණ මේ වනවිට ඉවත්කර ඇති බවත් පැවසේ.

මේ දිනවල පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස ගස් කඩා වැටීම ඉහළ ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *