​කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකට පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ලක්ෂ 2ක අල්ලසක් ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙක් දැලේ!

2026 වසරේදී කොළඹ ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක පළමු ශ්‍රේණියට දැරියක ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. සැකකරු අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 300,000 ක මුදලක් ඉල්ලා ඇති අතර, ඉන් රුපියල් 100,000 ක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.​ඉතිරි රුපියල් 200,000 ක මුදල ලබාගන්නා අවස්ථාවේදී ඊයේ (ජනවාරි 13) රාත්‍රී 7.45 ට පමණ කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *