කොළඹ පී. සරා පිටියේදී ‘හින්දු සටන’ යාපනය දිනාගනියි

කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර පැවැත් වූ ‘බැට්ල් ඔෆ් ද හින්දුස්’ (Battle of the Hindus) වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට යාපනය හින්දු විද්‍යාලය සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේදී උද්යෝගිමත් අයුරින් පැවැති මෙම තරගයේදී යාපනය ක්‍රීඩකයින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දක්ෂතා දක්වමින් සිය ජයග්‍රහණය තහවුරු කරගනු ලැබීය.​මුලින් පන්දුවට පහරදුන් යාපනය හින්දු විද්‍යාලය පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 220ක ඉලක්කයක් සකස් කළේය. එහිදී ජගතීසන් භවාණන් ලකුණු 81ක් රැස් කරමින් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් පෑ අතර, කොළඹ විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවූ විශ්වනාදන් යුවරාජ් සහ රාමනාදන් ඩෙස්කර් කඩුලු 3 බැගින් බිඳ හෙලමින් ලකුණු සංඛ්‍යාව පාලනය කිරීමට උත්සාහ කළහ.​ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොළඹ හින්දු විද්‍යාලීය කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 2කදී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. විලේන්ද්‍රායි අබිකේෂ් ලකුණු 41ක් ලබා ගත්තද, සිව ලෝගෙසන් සිවකාජිසන් සහ කනගරාජ් නිත්නීස් කඩුලු 2 බැගින් දවාගනිමින් යාපනය විද්‍යාලයට ජයග්‍රහණය උදාකර දුන්හ. තරගය අවසානයේ අභිමානවත් අයුරින් කුසලාන ප්‍රදානය ද සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,069

Leave A Reply

Your email address will not be published. Required fields are marked *