කොළඹ වරායේ අදානි පර්යන්තයේ පාලම (jetty) ආසන්න මුහුදේ තිබී මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ බව වාර්තා වී ඇත්තේ ඒ පිළිබඳව ලද තොරතුරකට අනුවයි.මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අඩි 5ක් පමණ උස සහ තරමක් වැඩුණු හිසකෙස් ඇති අයෙකු බවට විශ්වාස කෙරේ. මෘත දේහය දිරාපත් වී ඇති තත්ත්වයක පැවතීම නිසා හඳුනාගැනීම අපහසු වී ඇති බවත්, ඔහු නිල් පැහැති ඩෙනිම් කලිසමක් ඇඳ සිටි බවත් පොලිසිය සඳහන් කළේය.මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පසු මළ සිරුර වැඩිදුර කටයුතු සඳහා කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
 
 





















