කොළඹ විශ්ව විද්‍යාලය මෙම වසරේ සිය වාර්ෂික පර්යේෂණ සම්භාෂණය (ARS 2025) ” ප්‍රතයස්තිතිය සඳහා පර්යේෂණ – වෙනස් වන ලෝකයක දැහැමෙ අබිවර්දනය ” යන තේමාව යටතේ පවත්වයි. දේශීය හා ජාත්‍යන්තර යන දෙයාකාරයේම අභියෝග වලට විසඳුම් සපයන සුභාවිත පර්යේෂණයන් කෙරෙහි විශ්ව විද්‍යාලය දක්වන උනන්දුව මෙමඟින් පිළිබිඹු වේ. මේ පිළිබඳ නිල සමාරම්භක උත්සවය 2025 ඔක්තෝබර් 28 වන දින කොළඹ විශ්ව විද්‍යාලිය පරිගණක පාසලේ මහාචාර්ය වී කේ සමරනායක ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වේ.2008 වර්ෂයෙහි නිත්‍ය වාර්ෂික කාර්යයක් ලෙස ආරම්භ වූ කොළඹ විශ්ව විද්‍යාලයීය වාර්ෂික පර්යේෂණ සම්භාෂණය (ARS-UoC) විශ්ව විද්‍යාලයීය දින දර්ශනයෙහි අතිශය වැදගත්කමක් උසුලන අවස්ථාවකි. මෙමගින් විශ්ව විද්‍යාලයෙහි පීඨ, ආයතන, මණ්ඩප, පාසල සහ පුස්තකාලය විසින් පවත්වනු ලබන පර්යේෂණ සැසිවාර සියල්ලම එක්සත් කරමින් පර්යේෂකයන්ට ශාස්ත්‍ර ලෝලීන් වෙත සිය පර්යේෂණ කාර්යයන් විදහා දැක්වීම සඳහා වේදිකාවක් තනා දෙයි. හුදෙක් විශ්ව විද්‍යාලයීය ආචාර්ය ප්‍රජාව විසින් පවත්වන ලද පර්යේෂණ මගින් උකහා ගන්නා ලද නව දැනුම් සම්භාරය ව්‍යාප්ත කිරීමට පමණක් සීමා නොවන පර්යේෂණ සම්භාෂණය විශ්ව විද්‍යාලයෙහි සියලුම පීඨ සහ ආයතන අතර අන්තර් සම්බන්ධතා ප්‍රවර්ධනය කරයි. වර්ෂය තුළ විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ කාර්ය භාරය ප්‍රදර්ශනය කරමින් සෑම වර්ෂයකම පර්යේෂණ සම්භාෂණයේදී ඉදිරිපත් කෙරෙන පර්යේෂණ පත්‍රිකාවන්හි සාරසංක්ෂේප ” පර්යේෂණ සම්භාෂණ වාර්තා සටහන්” නමින් මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වනු ලැබේ.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක විද්‍යා ඇකඩමියේ (TWAS) උප සභාපති (මධ්‍යම සහ දකුණු ආසියාව) මහාචාර්ය මුහම්මද් ඉක්බාල් බෞද්දී මහතා සහභාගි වනු ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් විශ්ව විද්‍යාලයේ ඖෂධ රසායන වේදය පිළිබඳ මහාචාර්ය ගෝමික උඩුගම් සූරිය සහ කොළඹ මානව විද්‍යාව සඳහා වූ ආයතනයේ සභාපති ආචාර්ය සසංක පෙරේරා යන කීර්තිමත් විද්වත් කථිකයින් දෙදෙනා විසින් සමාරම්භක උත්සවයේදී ප්‍රතිවර්තනය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර දෘෂ්ටි කෝණයන්ගෙන් විමර්ශනය කෙරෙන මුඛ්‍ය දේශන පවත්වනු ලැබේ.සිය ජාත්‍යන්තර ප්‍රකාශන හරහා විශ්ව විද්‍යාලයෙහි ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ARS- 2025 උත්සවයේදී සම්භාවනාවට පාත්‍ර වෙති. ලෝකයේ ඉහළම ගණයේ පර්යේෂකයන් 2% අතර ශ්‍රේණිගතව සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට මෙහිදී උපහාර පිරිනැමීමට නියමිතය. තවද, 2024 දී තම පර්යේෂණ සොයාගැනීම් බෙදා හැරීම මගින් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පැතිකඩ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සහ ආයතන වල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ කැපී පෙනෙන ප්‍රයත්නයන් සඳහා සනාතන සම්මාන සහ ප්‍රශංසා සම්මාන පිරිනැමේ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයෙහි සියලුම ආයතන වලින් නම් කරන ලද අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ එකමුතුවකින් සමන්විත සංවිධායක කමිටුවක් මගින් සංවිධානය කෙරෙන මෙම වාර්ෂික පර්යේෂණ සම්භාෂණය ශාස්ත්‍ර ලෝලීන්ට ප්‍රබෝධ ජනක හා ආස්වාදනීය අත්දැකීමක් වනු නිසැකය.