කොළඹ යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මෙතෙක් අවසන් අනුමැතිය ලබා දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අනෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ප්‍රතිඵල ඇගයීමෙන් පසුව පමණක් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ඕනෑම තීරණයක් සලකා බලන බව ජයිකා ආයතනය දන්වා ඇති බවයි. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල වැඩකටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර සැහැල්ලු දුම්රිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතත් නිල අනුමැතිය හිමිව නොමැති බව හෙතෙම පැවසීය. රජය විසින් ජයිකා නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය සඳහා වන යෝජනා ඉදිරිපත් කළද, දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පවතින ව්‍යාපෘති සම්පූර්ණ කර ඒවා ඇගයීමට ප්‍රමුඛතාවය දිය යුතු බව එම ආයතනය පෙන්වා දී ඇත.


























