සමාජ මාධ්‍ය ඔස්සේ ‘ඩයලොග් මෙගා වාසනා’ (Dialog Mega Wasana) නමින් ව්‍යාජ ලොතරැයි ජාවාරමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 10කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු දිස්ත්‍රික් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (ජනවාරි 05) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.පොලිසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට පත් වූ සැකකරු සහ සැකකාරිය 29 හැවිරිදි වියේ පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ජනතාව නොමඟ යවමින් සිදුකළ මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.


























