කොලොම්බියාවේ සිට මෙරටට පැමිණි ග්‍රීන් චැනල් තුළිනඩ පිටතට පැමිණෙමින් තිබූ ගුවන් මගියෙකු ගේ ගමන් මලු තුළ පාදක ලිපිගොනු තුළ සඟවා තිබූ කොකේන් ලෙස හඳුනාගෙන ඇති රුපියල් කෝටි 100ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මගියෙකු අද 8 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙම විදේශ ජාතික ගුවන් මගියා බොස්නියානු විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර අද අලුයම 2.40 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. සැකකරුගේ වයස අවුරුදු 66 කි. අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යයේ බර ග්‍රෑම් 2759 ක් පමණ වන අතර එහි වීදි වටිනාකම රුපියල් කෝටි 100 කි.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ට වැඩිදුර විමර්ශන සදහා බාර දී ඇත.