ස්වාමීන් වහන්සේ නමක් සති අන්තයේ ප්‍රකාශ කළේ, ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති අතර, ඒ සඳහා ඉඩම් අක්කර 66ක් ද වෙන් කර ඇති බවයි.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ ජාවාරම මැඩලීම සඳහා ‘රටම එකට’ වැඩසටහන දියත් කර තිබියදී මෙම තීරණය ගෙන ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.”ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඇබ්බැහි වීම වැළැක්වීමට පියවරක් ගත්තා. එය අනාගත පරපුර වෙනුවෙන් ගත් වැදගත් තීරණයක්. නමුත් සමාගම් හයකට ගංජා වගා කිරීමට අක්කර 66ක් ලබා දී තිබෙනවා.””1929 අංක 17 දරන අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ ගංජා වගා කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. එම නීතිය තවමත් වලංගුයි,” පූජ්‍ය ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.එවකට නියෝජ්‍ය අමාත්‍යවරිය වූ ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාව අනුව ගංජා වගාවට ඉඩ දීම පසුගිය ආණ්ඩුවේ පරාජයට එක් හේතුවක් වූ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.”ගංජා වගා කිරීමට අවසර දීමේ මෙම ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් වහාම ආපසු හරවන්නැයි අපි ඉල්ලා සිටිනවා,” උන්වහන්සේ කීහ.රජය මෙම පියවරට අවසර දී තිබේ නම්, ඊට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තා ඉදිරිපත් කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.අපනයනය කිරීමේ සැලසුම් අසාර්ථක වුවහොත් මෙම ගංජා නිෂ්පාදනයට කුමක් සිදුවේදැයි පූජ්‍ය හිමියන් ප්‍රශ්න කර සිටියේය.
























