ගජමුතු සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට *

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ උප පොලිස් පරික්ෂක කේ.ටි.ටි.එච්. කරුණාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව පන්නල පොලිස් වසමේ ලංකා බැංකුව අසල දී මෙම වැටලීම් සිදුකර ඇත.

එහි දී වටිනා ගජමුතු 02 ක් අලෙවි කිරීමට සුදානම්ව සිටි වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා වඩුමුනේගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පුද්ගලයෙකු සමග වයස අවුරුදු 33 පසුවන කාන්තාවක් හා යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *