ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ භාරයේ සිටි මෙම සැකකරුවන් අද (24)අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් තුන්දෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *