ගත වූ පැය 24 තුළ මාරක රිය අනතුරු 5ක්

ප්‍රදේශ කිහිපයක ගතවුණු පැය 24 තුළ මාරක රිය අනතුරු 5ක් සිදු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කුරුළුකැලේ හන්දියේ දී කොළඹ මහනුවර මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් ගැටී මාරක අනතුරක් සිදු වී ඇති බවයි

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරිමේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මියගිය පුද්ගලයා 37 හැවිරිදි හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, ඔක්කම්පිටිය බෝගස් හන්දිය අසල දී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ‍යතුරුපැදිකරු විදුලි කණුවක ගැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 26 හැවිරිදි ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

තවත් මාරක අනතුරක් මුත්තෙට්ටුගල මහින්ද විද්‍යාලය අසල දී ලොරි රථයක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පදිකකරු බරපතළ තුවාල ලබා කුරූණැගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 66 හැවිරිදි කුරූණැගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් අවන්නේ.

තවද, උඩුපුස්සැල්ලාව නිල්දන්ඩාහින්න මාර්ගයේ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 42 හැවිරිදි අඹලියද්ද, රූපහ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, පුත්තලම ත්‍රිකුණාමල මාර්ගයේ සායි ලංකා වත්ත ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ත්‍රීරෝද රථ‍යක් මුහුණයට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියැදුරු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 54 හැවිරිදි සොලේවැව පදිංචිකරුවන බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *