ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලමේදී කොටුවෙයි..

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී අද (19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ගණේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා  ජීවිතක්ෂයට පත් විය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ඝාතනයෙන් පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.

පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ප්‍රධාන සැකරකු අත්අඩංගුවට ගත් බව, මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *