ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ බාල සොහොයුරා අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියගේ මව සහ බාල සොහොයුරා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අවුරුදු 23 හා 48 යන වයස්වල පසුවන ඔවුන් දෙදෙනා මීගමුව කටුවැල්ලේගම පදිංචිකරුවන්ය.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධ තොරතුරු වසන් කර අපරාධයකට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අනුව ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 19 වැනි දා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන  සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *