​ගම්පහදී පූජකතුමෙකුට පහරදුන් පොලිස් නිලධාරීන් 06ක් තවදුරටත් රිමාන්ඩ්!

ගම්පහ ප්‍රදේශයේදී කතෝලික පූජකවරයෙකුට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි සංචාරක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් හයදෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජනවාරි 26) නියෝග කළේය. එදිනට මෙම සැකකරුවන්ට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙසද අධිකරණය මෙහිදී නියම කර ඇත.​කොටදෙණියාව ප්‍රදේශයේ පල්ලියකට අයත් වත්තක සහකාර වතු කළමනාකරු ලෙස කටයුතු කරන මෙම පූජකවරයා, දිප්පිටිගොඩ පල්ලියේ පැවති දේව මෙහෙයකට සහභාගී වී යතුරුපැදියෙන් ආපසු එමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. පූජක ඇඳුමෙන් සැරසී සිටියදීත් මෙම පිරිස පූජකවරයාට පහර දී පාර අයිනේ දමා ගොස් තිබූ අතර, අනතුරුව එතුමා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 25) අලුයම අදාළ නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *