ගම්පහ තම්මිට වෙඩි තැබීමක්

ගම්පහ තම්මිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීම අද (06) රාත්‍රියේ සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේ.

වෙඩි වැදුණු පුද්ගලයා යතුරුපැදියක ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදි‍යකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

තුවාලකරු 29 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

තුවාලකරු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *