ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය. 

What's your reaction?

Related Posts

1 of 640

Leave A Reply

Your email address will not be published. Required fields are marked *