ගම්බිම්වලට ගිය ජනතාවට යළි කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා…

දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා අද (15)  සිට ආරම්භ වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි  මහතා සඳහන් කළේ අද සිට 21 වෙනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව කොළඹ, මහරගම හා කඩවත යන ප්‍රදේශ මූලික කර ගනිමින් එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ පැමිණීම සඳහා අද සිට විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.

ඒ අනුව ගාල්ල, මහනුවර, අනුරාධපුරය හා කන්කසන්තුරය සිට එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනු ඇති.

What's your reaction?

Related Posts

1 of 682

Leave A Reply

Your email address will not be published. Required fields are marked *