ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15 ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුවිය. පොලිසිය පවසන පරිදි, කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ වන්දනා පිරිසක් රැගත් බස් රථයක් සහ ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී කළුතර ප්රදේශයේ පිරිසක් රැගත් මෙම බස් රථය වන්දනා ගමනක් නිම කර යළි පැමිණෙමින් තිබූ අතර, මෝටර් රථයේ මවක සහ ඇගේ පුත්රයා සහ දියණිය ගමන් කරමින් සිට ඇත.අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණද, එහි ආරක්ෂිත වායු බැලුන් (Airbags) ක්රියාත්මක වීම හේතුවෙන් එහි ගමන් කළ මව සහ දරුවන් දෙදෙනා කිසිදු තුවාලයක් නොලබා ප්රාතිහාර්යයකින් මෙන් දිවි බේරාගෙන තිබේ. බස් රථයේ දකුණු පස බඳ කොටසට අනතුරින් හානි සිදුව ඇති බව වාර්තා වේ. ගල්කිස්ස පොලිසියේ රථවාහන අංශය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


























