ගල්කිස්ස වෙරළ පාරේ අද(05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ.
ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇත.
මියගොස් ඇත්තේ, දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.