ගල්කිස්සේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාගේ අවසන් ක⁣ටයුතු අද.

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී පසුගිය(07) දින අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් නිවස තුළ සිටි 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ නැමැත්තා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර චානක විමුක්ති හෙවත් සඳුන් නැමැති 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය ගොස් තිබුණි.

මිය ගිය දෙදෙනාගේ අවසන් ක⁣ටයුතු අද (10) දින පස්වරුවේ දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කෙරිණ.

What's your reaction?

Related Posts

1 of 711

Leave A Reply

Your email address will not be published. Required fields are marked *