ගල්කිස්ස නිල් දියවරේ 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් සටන ඇරඹෙයි

​ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සහ ගල්කිස්ස මහ හෝටලය එක්ව සංවිධානය කරනු ලබන මෙරට සුප්‍රකට “සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය” (Two Miles Sea Swimming) මෙවරත් උත්කර්ෂවත් අන්දමින් ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැත්වේ. දශක නවයකට ආසන්න දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම තරගාවලියේ 87 වන අදියර මාර්තු 7 සහ 8 යන දෙදින පුරා ක්‍රියාත්මක වන අතර, මේ සඳහා දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.​තරගාවලියේ පළමු දිනය වූ සෙනසුරාදා දින විවෘත කාන්තා අංශය මෙන්ම වයස අවුරුදු 15න් පහළ බාලක බාලිකා ඉසව් ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැත්විණි. සංඛ්‍යාලේඛනවලට අනුව මෙවර විවෘත පිරිමි අංශයෙන් ක්‍රීඩකයින් 500ක් ද, විවෘත කාන්තා අංශයෙන් 150ක් ද දියඹට පිවිසෙන අතර, වයස අවුරුදු 15න් පහළ අංශය නියෝජනය කරමින් බාලකයන් 150ක් සහ බාලිකාවන් 80ක් තරග වැදීමට සූදානමින් සිටිති. මීට අමතරව විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වය මෙවර තරගාවලියට ජාත්‍යන්තර වටිනාකමක් එක් කර තිබේ.​ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ලියනගේ සහ තරග සංවිධායක කමිටු ලේකම් ජෙෆාරි දූලපන්දන් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර දේවපුර මහතා ඇතුළු පිරිසගේ පූර්ණ අනුග්‍රහය සහ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය, මෙරට ජල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතාවලින් පිරිපුන් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

What's your reaction?

Related Posts

1 of 1,039

Leave A Reply

Your email address will not be published. Required fields are marked *