ගල් අඟුරු ටෙන්ඩර් ‘හඬපට’ හුටපටය CID යට: ජනපති හිතවතෙකුට අතහිත දුන් බවට චෝදනා!

ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළහ. ක්ෂණික ටෙන්ඩර් (Spot Tenders) පටිපාටිය යටතේ ගල් අඟුරු ඇණවුම් ලබා දීමේදී, ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකුට වාසි සහගත ලෙස කටයුතු කර ඇති බවට හෙළිවන හඬපටයක් පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.​මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේ, රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වී දින කිහිපයක් ගත වන්නටත් පෙර මෙවැනි වංචාවක් අනාවරණය වීම බරපතළ තත්ත්වයක් බවයි. අදාළ හඬපටය හරහා ටෙන්ඩර් පටිපාටිය අවභාවිත කර ඇති ආකාරය පැහැදිලි වන බැවින්, ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කර වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,094

Leave A Reply

Your email address will not be published. Required fields are marked *