ගල් අඟුරු සමාගමේ සභාපතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්: “හඬපටය විකෘති කළ එකක්”

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන දුරකතන සංවාදයකට අදාළ හඬපටයක් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා නිල නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ. එම හඬපටය විවිධ අර්ථකථන දෙමින් විකෘති කර ප්‍රචාරය කර ඇති බවත්, එය හුදෙක් ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ බැංකු ඇපකරයක් ලබාගැනීම වෙනුවෙන් කළ දැනුම්දීමක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.​කැබිනට් අනුමැතිය සහිතව නිසි සුදුසුකම් ලත් සැපයුම්කාර සමාගමක් වෙත දැනටමත් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පවසන සභාපතිවරයා, අදාළ දේශීය නියෝජිතයාගෙන් බැංකු ඇපකරය ඉල්ලා ඇත්තේ නීත්‍යානුකූල පටිපාටියට අනුව බව අවධාරණය කරයි. හදිසි ගල් අඟුරු සැපයුම් ක්‍රියාවලියට අදාළ සියලුම ප්‍රසම්පාදන විධිවිධාන අකුරටම ඉටුකර ඇති බවද එහි සඳහන් වේ.​ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව සහ විනිවිදභාවයකින් යුතුව සිදුවෙමින් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. එබැවින් පටු අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මෙවැනි නොමඟ යවන සුළු පුවත්වලට නොරැවටෙන ලෙස ලංකා ගල් අඟුරු සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,094

Leave A Reply

Your email address will not be published. Required fields are marked *