ග්‍රාමීය ආර්ථිකය ඔසවා තබන “ප්‍රජාශක්ති” ජාතික වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ!

රජයේ ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් වන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී, 2026 වසරේ මේ දක්වා සිදුකර ඇති වැඩකටයුතු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණය කෙරිණි.​මෙහිදී විශේෂයෙන්ම 2027 වර්ෂය සඳහා වන සැලසුම් සහ ඉදිරි අයවැය යෝජනා සකස් කිරීම පිළිබඳව අවධානය යොමුවූ අතර, ඊට අදාළ තීරණාත්මක නිගමනවලට එළඹීම සඳහා ලබන 6 වනදා “ප්‍රජාශක්ති” මෙහෙයුම් කමිටුව යළි රැස්වීමට තීරණය කර ඇත. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සෑම තරාතිරමකම ජන කොටස් වෙත සාධාරණව බෙදී යන බව සහතික කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශ පරිපූර්ණ සංවර්ධනයක් කරා මෙහෙයවීම මෙම බහුවිධ ප්‍රවේශයේ මූලික අරමුණ වී තිබේ.​මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. ජාතික මට්ටමේ ප්‍රධාන වැඩසටහන් තුන අතරින් එකක් ලෙස සැලකෙන මෙමඟින්, හුදු සහනාධාර ලබාදීමෙන් ඔබ්බට ගොස් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,073

Leave A Reply

Your email address will not be published. Required fields are marked *