ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට ජනවාරි 1වෙනිදා සිට ග්‍රාම සංවර්ධන වැඩසටහන්

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට ජනවාරි 1වෙනිදා සිට ග්‍රාම සංවර්ධන වැඩසටහන් ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලාගේ මහතා පවසනවා.ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය වෙත අමාත්‍යවරයා අද නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා..ග්‍රාම සංවර්ධන පුහුණු කරන ආයතනයක් වන එම ආයතනය තුළ ග්‍රාමීය සංවර්ධනය වඩාත් පුළුල් කිරීමට අවශ්‍ය කරන නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි මෙහි අරමුණ වූයේ..මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා..ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම අපේ රජයේ විශේෂ කාර්යයක්..වඩාත් කාර්යක්ෂම ලෙස මේ ආයතනය හරහා ග්‍රාමීය දිළිඳු බව තුරන් කරන වැඩසටහන් ආරම්භ කරනවා…ජනවාරි පළවෙනිදා සිට ග්‍රාම සංවර්ධන වැඩසටහන් ආරම්භ කරනවා..ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කරන්න ග්‍රාමීය ජනතාවට ගැලපෙන ආකාරයේ වැඩසටහන් ආරම්භ කරනවා..ග්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳන්න පළාත් පාලන ආයතන සහ වෙනත් රාජ්‍ය ආයතනවල සහයත් ලබාගත යුතුයි..නාගරික දිළිඳු ජනතාවගේ සහ ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ගැටලු වෙනස්..ඒවා හඳුනාගෙන කටයුතු කළ යුතුයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *