ග්‍රෑන්ඩ්පාස් හිදී රුපියල් ලක්ෂ ගණනක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොටු වෙයි!

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ ඊයේ (පෙබරවාරි 10) සිදුකළ වැටලීමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් සමඟ 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,008

Leave A Reply

Your email address will not be published. Required fields are marked *