ග්‍රෙගරි වැවේ සිනමන් එයාර් අනතුර: මගීන් සිට නැහැ – කාර්ය මණ්ඩලය සුරක්ෂිතයි!

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමේදී ‘සිනමන් එයාර්’ (Cinnamon Air) ගුවන් යානයක් මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් එම සමාගම විසින් නවතම නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු තහවුරු කර ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ මගීන් කිසිවෙකුත් රැඳී නොසිටි බවත්, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා කිසිදු තුවාලයකින් තොරව ආරක්ෂිතව පසුවන බවත් එම සමාගම අවධාරණය කරයි. 2013 වසරේ සිට මගීන් 80,000කට අධික පිරිසක් ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇති සිනමන් එයාර් ආයතනය, ආරක්ෂාව සම්බන්ධයෙන් සිය ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ප්‍රකාශ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇත.​ප්‍රජා ගුවන් සේවා අධිකාරිය (CAASL) මේ වන විට සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, සිනමන් එයාර් සමාගම ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙමින් සිටියි.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *