2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු හයක සිත් ඇදගන්නාසුළු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෂ් ගාඩ්නර්ගේ විශිෂ්ට නොදැවී ශතකය ඔස්ට්‍රේලියාවට උපකාරී විය.ජයග්‍රහණය සඳහා ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය සත් වරක් ලෝක ශූරියන්, ලකුණු 68කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී, අවුරුදු 28ක් වන ගාඩ්නර් පන්දු 73කදී නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.ගාඩ්නර්ගේ මෙම වික්‍රමය ඇනබෙල් සදර්ලන්ඩ් (නොදැවී 98) සමඟින් පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු ලකුණු 180ක සබඳතාවයේ කොටසකි. මීට පෙර පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ මෙම යුගලය එංගලන්තය ලකුණු 244කට කඩුලු 9කට සීමා කිරීමට සමත් විය.
එංගලන්ත ඉනිම: බියුමොන්ට්ගේ අර්ධ ශතකයආබාධිත ඇලිසා හීලි වෙනුවට නායකත්වය දැරූ ටායිලා මැක්ග්‍රාත්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය, ආරම්භක පිතිකාරිණියන් වන ටැමී බියුමොන්ට් (78) සහ ඇමී ජෝන්ස් (18) ගේ ලකුණු 55ක සබඳතාවක් සමඟින් හොඳ ආරම්භයක් ලබා ගත්තාය.ඇනබෙල් සදර්ලන්ඩ්ගේ (3/60) පන්දුවට ජෝන්ස් දැවී යාමත් සමඟින් ආරම්භක සබඳතාව බිඳ වැටුණි.ඉන්පසු හීදර් නයිට් (20) දැවී ගිය අතර, බියුමොන්ට් තරගාවලියේ ඇයගේ පළමු අර්ධ ශතකය වාර්තා කළාය.ඇලනා කිං සහ ඇෂ් ගාඩ්නර් (2/39) එංගලන්ත ඉනිමේ මැද භාගයේ ලකුණු ලබා ගැනීම අසීරු කරමින් කඩුලු දවාලූහ. නායිකා නට් සිවර්-බ්‍රන්ට් (7) දැවී ගියේ කිං ගේ පන්දුවටය.සදර්ලන්ඩ් නැවත පන්දු යැවීමට පැමිණීමත් සමඟ එංගලන්තය කඩුලු 3ක් කඩිනමින් අහිමි කර ගනිමින් ලකුණු 147/3 සිට 166/6 දක්වා කඩා වැටුණි. එහිදී බියුමොන්ට් ද දැවී ගියාය.කෙසේ වෙතත්, ඇලිස් කැප්සි (38) සහ චාලි ඩීන් (26) හත්වන කඩුල්ල සඳහා වටිනා ලකුණු 61ක සබඳතාවක් ගොඩනඟා ලකුණු සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගෙන ගියහ.
ඔස්ට්‍රේලියානු ඉනිම: සදර්ලන්ඩ් – ගාඩ්නර් ආක්රමණයඑංගලන්තයේ ලෝරන් බෙල් සහ ලින්සි ස්මිත් ගේ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාවේ මුල් පෙළ පිතිකාරිණියන් ලකුණු 68කට කඩුලු 4ක් අහිමි කර ගනිමින් දැඩි ලෙස කම්පා විය.ෆීබි ලිච්ෆීල්ඩ් සහ එලීස් පෙරී, ජෝර්ජියා වෝල් සහ බෙත් මූනි (20) ඉක්මනින් දැවී ගියහ.කෙසේ වෙතත්, අනතුරුව පිටියට පිවිසි ඇනබෙල් සදර්ලන්ඩ් සහ ඇෂ් ගාඩ්නර් තරගයේ ග්‍රහණය නැවත ඔස්ට්‍රේලියාවට නතු කර ගත්හ.පන්දු 66කදී අර්ධ ශතකය වාර්තා කළ සදර්ලන්ඩ්, පන්දු යැවීමේදී ද කඩුලු 3ක් දවා ගනිමින් සමස්ත ක්‍රීඩිකාවකගේ විශිෂ්ටත්වය පෙන්වූවාය.සදර්ලන්ඩ්ට අනතුරුව ලෝක කුසලානයේ ඇයගේ දෙවන අර්ධ ශතකය වාර්තා කළ ගාඩ්නර්, තිස් හයවන පන්දුවාරයේදී මායිම් රේඛා තුනක් සමඟින් ඔස්ට්‍රේලියාව ලකුණු 200 සීමාව පසුකර ගෙන ගියාය.මෙම පිතිකාරිණියන් දෙදෙනා නොසැලී සිටි අතර, ගාඩ්නර් පන්දුව ගුවනින් යවමින් මායිම් රේඛාවෙන් එපිටට පතිත කර, ඇයගේ ලෝක කුසලාන දෙවන ශතකයත් සමඟින් ඔස්ට්‍රේලියාවට කඩුලු හයක ජයග්‍රහණයක් තහවුරු කළාය.මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාව නැවතත් කණ්ඩායම් අදියරේ ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත.























