ගාල්ලේ කාන්තාවකගේ මිලියන 130 වත්කම් තහනම් කෙරේ

උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සතුව තිබූ මිලියන 130 ක් වටිනා දේපල, මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කිරීමට පොලිසිය පියවර ගත්තා.

මිලියන 120ක් වටිනා ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පිහිටි සිව් මහල් ගොඩනැඟිල්ලක් සහ ඉඩමක් ඒ අතර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන යුක්තිය මෙහෙයුම යටතේ මෙම දේපල පොලිස් භාරයට ගැනුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *