ගාල්ල වැස්සට යටවෙයි: වක්වැල්ල පාරේ ගමනාගමනයට බාධා!

​අද (06) ගාල්ල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ. විශේෂයෙන් ගාල්ල පොලිස් ස්ථානය අසලින් ගාල්ල – වක්වැල්ල මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරයි. මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *