ගාලු කොටුවේ ඓතිහාසික උසාවි සංකීර්ණය ලෝක මට්ටමේ සංචාරක කලාපයක් වෙයි

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටු පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යනු ලබන මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, බෙලිගහ ප්‍රදේශයේ අලුතින් ඉදි කර ඇති අධිකරණ සංකීර්ණය වෙත මෙම කටයුතු විතැන් කිරීමෙන් පසු, අදාළ පැරණි ගොඩනැගිලි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.​වසරකට ලක්ෂ තුනකට අධික දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ගාලු කොටුව තුළ පරිපාලන සහ ආයතනික ගොඩනැගිලි බහුල වීම නිසා දිවා කාලයේ පවතින දැඩි රථවාහන තදබදය සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් වී තිබුණි. එමෙන්ම රාත්‍රී කාලයේදී මෙම කලාපය හුදෙකලා ස්වභාවයක් ගැනීම හේතුවෙන් සංචාරකයින්ට එහි සුන්දරත්වය විඳීමට පවතින අවස්ථාවන් සීමා වී ඇති අතර, මෙම නව පියවර හරහා එම ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.​”මහ ගාල්ල සංවර්ධන සැලැස්ම (2021-2030)” යටතේ ගාලු කොටුව සම්පූර්ණයෙන්ම ලෝක උරුම සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ගොඩනැගිලි සුරකිමින් “ගාල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කරනවාට අමතරව, ගාලු කොටුව වඩාත් සජීවී සහ සංචාරක හිතකාමී පරිශ්‍රයක් බවට පරිවර්තනය කිරීම රජයේ මූලික අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,084

Leave A Reply

Your email address will not be published. Required fields are marked *