ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ දින 4ක් වැසේ

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කළේ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස තාවකාලිකව වසා දැමෙන බවයි.

එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව අද සිට 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බවයි එම ප්‍රාදේශීය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *