ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරය එල්ල වුණේ ගාසා තීරයේ  ඛාන් යුනිස් නගරයේ පිහිටි රෝහලකටයි

ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල යුධ ගුවන් යානා එම රෝහලට එකවර බෝම්බ 06ක් දැමූ බවයි.

මේ වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයෙන් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 61,709 දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් 17,492 දෙනෙකු ළමුන් වන අතර තුවාල ලැබූ පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 111,588 කි

What's your reaction?

Related Posts

1 of 787

Leave A Reply

Your email address will not be published. Required fields are marked *