ගාසා තීරයේ සාමය සඳහා එළඹ ඇති ගිවිසුමේ මූලික අවධිය ශ්‍රී ලංකාව පිළිගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.අතීතයේ ගැටුම් හේතුවෙන් ඇති වූ දැඩි දුක්ඛිත තත්ත්වයන් සහ විනාශයන් අත්දැක ඇති රටක් ලෙස, සාමයේ සැබෑ වටිනාකම ශ්‍රී ලංකාව හොඳින් අවබෝධ කරගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.ගාසා තීරයේ ස්ථාවර හා කල්පවත්නා සාමයක් ඇති කිරීම සඳහා මෙම වැදගත් පියවර මඟ පාදනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ,මෙම ගිවිසුම ඇති කරගැනීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් මෙහෙයවූ සහ කටාර් රාජ්‍යය, ඊජිප්තු අරාබි ජනරජය සහ තුර්කි ජනරජය විසින් මැදිහත් වූ විශිෂ්ට උත්සාහය ශ්‍රී ලංකාව අගය කරන බවත් පැවසීය .පලස්තීන හා ඊශ්‍රායල යන දෙපාර්ශවයේම සාධාරණ සහ සංවේදී අවශ්‍යතා පිළිගන්නා අතර, රාජ්‍යයක් සඳහා පලස්තීන ජනතාව සතු අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නැවත වරක් තම සහාය පළ කරයි.1967 මායිම් පදනම් කරගත් ද්වි-රාජ්‍ය විසඳුමක් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන ශ්‍රී ලංකාව, කල්පවත්නා සාමයක් උදාකර ගැනීම සඳහා දෙපාර්ශවයෙන්ම සාධනීය සංවාදයකට එළඹෙන ලෙසද ,ඉල්ලා සිටී