ගෑස් හිඟයට විසඳුම්: අද සිට සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට – ලාෆ්ස් සමාගමට ඇමතිගෙන් අවසන් නිවේදනයක්

වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට විසඳුම් ලෙස එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 1,500කට සමාන ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද (23) දිනය තුළ බෙදා හැරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව, එල්.පී. ගෑස් රැගත් තවත් නෞකා දෙකක් ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිත අතර, මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙබරවාරි 25 වනදා ද, මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකාවක් පෙබරවාරි 28 වනදා ද මෙරටට ළඟා වනු ඇත.​මේ අතර, පවතින සැපයුම් හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගමේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතය. ලාෆ්ස් සමාගම නිසි පරිදි ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. තම පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණවත් ගෑස් තොග පවතින බව තහවුරු කිරීමට එම සමාගමට මාර්තු 12 වනදා දක්වා කාලය ලබා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *