ගිනි අවි සිද්ධිය ගැන රැප් ගායකයා ඇතුළු සැකකරුවන්ගෙන් දින 07ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායකයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා දින 07ක් රඳවා ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන් (15) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙම ජනප්‍රිය රැප් ගායකයා ඇතුළු සැකකරුවන් ඊයේ හෝමාගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ගිනි අවිය ලබා දුන්නා යැයි කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද ඒ අතරට ඇතුළත්ව සිටී.

What's your reaction?

Related Posts

1 of 641

Leave A Reply

Your email address will not be published. Required fields are marked *