පොළොන්නරුව දිස්ත්‍රීක්කයට දින දෙකක පමණ සිට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ගිරිතලේ වැවෙහි ජල ධාරිතාව එහි වාන් මට්ටම ඉක්මවායාම හේතුවෙන් ඊයේ සවස සිට එම වෑව වාන් දමමින් පවතී.
දින දෙකක පමණ සිට මෙලෙස අධික වර්ෂාව ඇදවැටීම හා ගිරිතලේ වැවේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ගිරිතලේ වැවේ ජල ධාරිතාව මෙලෙස එහි උපරිම අගයට ලගා වීම මත ගිරිතලේ සී.පී.පුර ප්‍රදේශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියානෝ ක්‍රමයට ඉදිකර ඇති වාන මගින් ඉතා දර්ශනීය අන්දමින් වැවෙහි වාන් ජලය ගලා යනු ලබයි.
මේවනවිට ගිරිතලේ වැවේ අක්කර අඩි 23100ක ජල ධාරිතාවක් පවතින බවත් ගිරිතලේ වැවේ පිටවානෙන් තත්පරයට ඝන අඩි 200ක ජලධාරිතාවක් තිඹිරි ඇල ඔස්සේ හතමුන ඔයට මුදා හැර ඇති බවත් ඒ හේතුවෙන් හතමුණ ඔයේ ජල මට්ටම ඉහල යා හැකි බැවින් හත මුන ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් ඔය පරිහරණය කරන ජනතාව වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසට ගිරිතලේ වැව භාර වාරි ඉංජිනේරු මලින්ද ජයතිලක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියී.