ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 14 හැවිරිදි විභව් සූර්යවංශි පන්දු 35කින් ශතකයක් රැස් කරයි.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේ ය.

ජායිපූර්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209කි.

නායක ශුබ්මන් ගිල් ලකුණු 84කි.

මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඒ අනුව ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 15යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ය.

ප්‍රවේඟකාරී පිතිහරඹයක නිරත වූ 14 හැවිරිදි විභව් සූර්යවංශි පන්දු 35කින් වේගවත් ශතකයක් රැස් කළේ ය.

ඒ අනුව සූර්යවංශි වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ශතකයක් රැස් කළ ලොව ලාබාලතම පිතිකරු ලෙසයි.

එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය මෙය වීමද විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 735

Leave A Reply

Your email address will not be published. Required fields are marked *