ගුරු විදුහල්පති තුනෙන් දෙකේ වැටුප් විෂමතාවට එරෙහිව 14 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට එනවා…

ආණ්ඩුවට මේ ගැන දැනෙන්නෙ නැත්තං අපි එදාට දන්වනවා…

උලපනේ සුමංගල හිමි
පවසනවා..
……………………..
වැටුප් විෂමතාවයට එරෙහි පොදු ගුරු විදුහල්පති එකමුතුව – මාධ්‍ය හමුව

පූජ්‍ය උලපනේ සුමංගල හිමි

මේ ආණ්ඩුව බලයට පත් වෙලා දින 150 කට ආසන්න වෙලා.නමුත් බලයට එන්න පෙර කියපු ජනතාවාදී අදහස් අද වෙනස් වෙලා තිබෙනවා.මේ ආණ්ඩුව ප්‍රගතිශීලී බවින් ඉවත් වෙච්ච බවක් පේනවා.

ගුරු විදුහල්පති ප්‍රශ්න මේ ආණ්ඩු මග හරිමින් සිටිනවා.මේවා ගැන මීට කලින් කතා කල වෘත්තීය සමිති නිහඩයි.
අපි අපේ ඉල්ලීම් දිනා ගත්තේ මීට පෙර සටන් කරලා.අපි එවකට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා.සාකච්ඡා කලා.නමුත් අපි දේශපාලන වචන මත වැඩ කලේ නෑ.

එදා වැටුප් විෂමතාවය ගැන දැකපු ඇසින්ම අදත් දකින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා.එදා අවම වශයෙන් අපිට සාකච්ඡාවක් හෝ ආණ්ඩුවෙන් ලැබුනා.
නමුත් අද වෙනකොට අධ්‍යාපන ඇමතිනි අගමැතිනි අධ්‍යාපන අමාත්‍යාංශය අධි ආරක්ෂිත කලාපයක් කරලා.

අපේ ගැටලු නොවිසදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව කිව්වා.ගුරු විදුහල්පති 2/3 වැටුප් විෂමතාවයට වහාම විසදුම් අවශ්‍යයි.ගුරුවරු අතර වෙනම කොටස් නෑ.කොටස් වෙන් කරලා විසදුම් දෙන්න බැහැ.

මේ වන තෙක් ආණ්ඩුව අපේ හඩට සවන් දී නෑ.හිතෛෂී බත්බැලයන් එක්ක පමණක් මේ ගමන යන්න පුලුවන් කියලා හිතනවා නම් ඒක වැරදියි.
ඇහුම්කන් නොදෙන අධ්‍යාපන ඇමතිතුමියට අපි කියන්නේ අපේ ලිඛිත ඉල්ලීමට විසදුම් නොදෙන්නේ නම් පෙබරවාරි 14 දා අධ්‍යාපන අමාත්‍යාංශයට එනවා.අපි ගුරුවරු කොළඹට කැදවනවා.
අපිටත් ඕන දරුවෝ එක්ක පාසලේ අධ්‍යාපනය කරන්නයි.නමුත් ආණ්ඩුව අපේ ගැටලුව විසදන්නේ නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා

එද වෘත්තීය සමිතිකල අය අද වෘත්තීය සමිති විසුරුවාහරින්න කතා කරනවා.

ඔච්චම් කර කර සොච්චම් වැටුපක් දෙනකොට හැම ගුරුවරයෙක්ට අයිතිවාසිකමක් තිබෙනවා අපේ ගැටලු විසදාගන්න.අය වැය ඉදිරිපත් කලාට පසු ඉල්ලීම් ඉල්ලා වැඩක් නෑ.
අපේ ඉල්ලීම ගැන ආන්ඩුවේ ස්ථාවරය කියන්න ඕන

අපි පෙබරවාරි 14 දා ගුරු විදුහල්පතිවරු කොළඹට එනවා.පාසල් කටයුතු අකර්මණ්‍ය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.මේ ක්‍රියාවලිය තුල පාසල් කටයුතු අඩපන කරන්නේ නෑ.

මර්ධනයට මුහුණ දෙන්න ගුරු විදුහල්පතිවරු සූදානම්

අපිට ගනුදෙනුව තිබෙන්නේ ආණ්ඩුව එක්කයි.

මේ අය වැයෙන් සාධාරණ විසදුමක් අවශ්‍යයි.

02 අබේරත්න බණ්ඩාර
03 රංජය හේරත්
එම අදහස්ම පල කලා

What's your reaction?

Related Posts

1 of 674

Leave A Reply

Your email address will not be published. Required fields are marked *