ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර සියලු ගුවන් තොටුපළවල් වැසේ..

ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර සියලු ගුවන් තොටුපළවල් වසා දමා තිබේ.

මොස්කව් නගරාධිපතිවරයා පැවසුවේ, අගනුවරට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර 19 ක් ව්‍යර්ථ කළ බවයි.

ඩ්‍රෝන ප්‍රහාර වල සුන්බුන්, ප්‍රධාන අධිවේගී මාර්ගයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සදහා බලධාරීන්, මොස්කව් නුවර ප්‍රධාන ගුවන් තොටුපළ හතරම එලෙස තාවකාලිකව වසා දමා තිබේ.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *