ගෙදර කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරය දුන් පිළිතුර මෙන්න!

සේවය අත්හිටුවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිවසින් ආහාර ලබාදෙන ලෙස කළ ඉල්ලීම සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙම ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තම ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්, එම ඉල්ලීමට පිළිගත හැකි හේතු සහ සාධක ඉදිරිපත් කරන ලෙස ඔහුට දැනුම් දී ඇති බවත්ය.

එම කරුණු සලකා බලා, ඔහු බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමේ හැකියාව පිළිබඳව විමර්ශනය කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 20කට පසු, දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට භාර විය.

එහිදී, ඔහුව 2025 අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, දැනට ඔහු දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී. 

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *