ගෙන්වන වාහනවලට අලුතින් බදු වර්ග 03ක් පනවයි. – ඒ ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

වාහන ආනයනය කිරීමේදී විශේෂ අමතර බදු වර්ග 03ක් පැනවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඊයේ (01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනතා හමුවකට එක්වෙමින්.

ඔහු පෙන්වා දෙන්නේ, එලෙස බදු පැනවීමට හේතුව එකවරම ගෙන්වන වාහනවලට වැඩි ඉල්ලුමක් පැමිණ තෙරපුමක් සිදුවුවහොත් නැවත අර්බුදයක් නිර්මාණය වියහැකි නිසා බවයි.

එමෙන්ම, මේ වනවිට ආනයනය කරන වාහනවල මිල ඉහළ මට්ටමක පවතින්නේ ඩොලරයේ අගය ඉහළ මට්ටමක පැවතීම නිසා බවද ඔහු පවසනවා.

මේ අතර, ආරම්භයේදී වාහන මිල ඉහළ ගියද කාලයක් යනවිට වාහන මිල අඩු කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *