ගෙන්වූ බෙහෙත් ගැන වගකීමක් නොදරණ බවට ලිපියකින් දැනුම් දීලා

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත වතාවක් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින මානවහිමිකම් කොමිසමට යොමුකළ ලිපියක් මගින් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති ලිපියක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටයි.

ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යවස්ථාවට අනුව එහි 129 වගන්තිය උපයෝගී කරගනිමින් විධායක අධ්‍යක්ෂකවරයා මානව හිමිකම් කොමිසමට මෙම ලිපිය යොමුකර තිබෙන අතර වෛද්‍ය චමල් සංජිව සඳහන් කරන්නේ, මෙම වගන්තිය විශේෂ අවස්ථා සඳහා පමණක් භාවිතා කළ යුතු වගන්තියක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *