ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය පුද්ගලික පුස්තකාලයේ තිබූ පොත් කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත පරිත්‍යාග කර තිබේ.මෙම පරිත්‍යාගය වටිනා අධ්‍යාපනික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ තෝරා ගැනීමක් බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ: “මා සතු වූ වටිනා අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ තෝරා ගැනීමක් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත පරිත්‍යාග කළ අතර, පුස්තකාල කාර්ය මණ්ඩලය සමඟ සුළු මොහොතක් ගත කළෙමි. මෙම අවස්ථාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහත්වරුන් විසින් ලබා දුන් සහයෝගය සහ සම්බන්ධීකරණය ද මා කෘතඥපූර්වකව සිහිපත් කරමි.”
 
 






















